අප්‍රේල් පළවෙනිදා සිට රජයෙන් සහන මල්ලක් – බන්දුල

අලුත් අවුරුදු සමයේ පාරිභොගිකයින්ට සහන සැලසීමේ අරමුණෙන් සතොස ශාඛා ජාලය හරහා සහන මල්ලක් ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 කින් සමන්විත එම සහන මල්ල රුපියල් දහසක මිලකට අප්‍රේල් මස 01 වන දින සිට සතොස ශාඛා මගින් ලබාගත හැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

“සිංහල අවුරුද්ද වෙනුවෙන් අපි ජනතාවට හිතේ ගින්දර නැතුව ලිපේ කිරිබත ඉදෙන අවුරුද්දක් බවට පත්කිරීම සඳහා සහල්, පිටි, සීනි, පරිප්පු හාල්මැස්සන් යන ආදි අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ 10ක් රුපියල් 1000සක සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙළක් සතොස හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනිදා සිට. ඒ නිසා හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය පාරිභෝජන භාණ්ඩ 27ක් බෙදා හැරීම සඳහා සතොස සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා. අපි බෙදන්නේ සතොස හරහා විතරයි. පෙරට වඩා විශාල පාරිභෝගික පිරිසක් සතොසට සේවාවන් ලබාගැනීමට පැමිණෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?