අප්‍රේල් පළවෙනිදා සිට රජයෙන් සහන මල්ලක් – බන්දුල

අලුත් අවුරුදු සමයේ පාරිභොගිකයින්ට සහන සැලසීමේ අරමුණෙන් සතොස ශාඛා ජාලය හරහා සහන මල්ලක් ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 කින් සමන්විත එම සහන මල්ල රුපියල් දහසක මිලකට අප්‍රේල් මස 01 වන දින සිට සතොස ශාඛා මගින් ලබාගත හැකි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළා.

“සිංහල අවුරුද්ද වෙනුවෙන් අපි ජනතාවට හිතේ ගින්දර නැතුව ලිපේ කිරිබත ඉදෙන අවුරුද්දක් බවට පත්කිරීම සඳහා සහල්, පිටි, සීනි, පරිප්පු හාල්මැස්සන් යන ආදි අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩ 10ක් රුපියල් 1000සක සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙළක් සතොස හරහා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා පළවෙනිදා සිට. ඒ නිසා හිඟයකින් තොරව අත්‍යාවශ්‍ය පාරිභෝජන භාණ්ඩ 27ක් බෙදා හැරීම සඳහා සතොස සක්‍රීය දායකත්වයක් ලබාදෙනවා. අපි බෙදන්නේ සතොස හරහා විතරයි. පෙරට වඩා විශාල පාරිභෝගික පිරිසක් සතොසට සේවාවන් ලබාගැනීමට පැමිණෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09