අප්‍රිකානු රටවල් දැඩි අර්බුදයක

අප්‍රිකානු රටවල් රැසක් දරුණු නියගයක් ආසන්නයට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් මිලියන ගණනක් සාගතයකට මුහුණදෙනු ඇති බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල අනතුරු අඟවයි.

අප්‍රිකා මහද්වීපයේ දකුණුදිග හා නැගෙනහිර කලාපීය රටවල් රැසක් දශක කිහිපයකට පසු දරුණුම නියං තත්ත්වයක අද්දරට පැමිණ සිටී.

භූමිය වියළීයාම සහ පශු සම්පත් විනාශ වීමෙන් ආහාර අනාරක්ෂිත තත්ත්වයක්ද මතුවී ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කළේය.

පවතින තත්ත්වය අනුව කෙන්යාවේ, සෝමාලියාවේ සහ ඉතියෝපියාවේ පුද්ගලයන් මිලියන 20ක් පමණ සාගතයකට මුහුණදෙනු ඇති බවටත් එම සංවිධානය අනතුරු අඟවයි.

ඉතියෝපියාව සහ සෝමාලියාව දැනටමත් ආහාර අනාරක්ෂිත තත්ත්වයකට මුහුණදී සිටී.

වසර දෙකක පමණ කාලයක් පැවති ගැටුම් හේතුවෙන් ඉතියෝපියාවේ ටිග්‍රේ කලාපයේ මිලියන ගණනක් සාගතයක් වැනි තත්ත්වයකට මුහුණදී සිටින්නේ අසල්වැසි කලාපවලත් ආහාර අර්බුදය ඉහළ දමමින්.

නියඟය හේතුවෙන් අප්‍රිකානු මහද්වීපයේ පුද්ගලයන් මිලියන 346ක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණපා සිටී.

මෙය 2017 වර්ෂයෙන් පසු අප්‍රිකාව මුහුණදෙන දරුණුම අර්බුදය විය හැකි බවට විශ්වාස කෙරේ.

මේ අතර ලෝක වෙළඳපලේ ආහාර සහ තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන්නේ අර්බුදය වඩාත් දරුණු අතට හැරීමේ අවදානමක් මතු කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !