අපවත් වූ නා උයනේ භික්ෂූන් වහන්සේලා සිව්නමකගේ දේහයන් ආරණ්‍ය සේනාසනය වෙත

නා උයන ආරණ්‍ය සේනාසනයේ විදුලි කේබල් ඩක්කුවක් කඩා වැටීමෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේලාගේ දේහයන් පිළිබඳව ආදාහන කටයුතු හෙට (27) දිනයේ දී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර අපවත් වූ භික්ෂූන් වහන්සේ සිව්නමකගේ දේහයන් අද (26) පෙරවරුවේ කුරුණැගල, මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනය වෙත වැඩමකරවනු ලැබුවා.

අනතුරින් අපවත් වූ විදෙස් භික්ෂුන් වහන්සේ තුන්නමගේ දේහයන් තවමත් කුරුණෑගල ප්‍රදේශයේ මල්ශාලාවක තැන්පත්කර තිබෙනවා.

මේ අතර මෙම හදිසි අනතුරින් අපවත් වූ භික්ෂූන් වහන්සේ හත්නමගේ දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී ඊයේ (25) සිදු කළා.

ඒ, අනුව මොට බලයක් නිසා ඇති වූ බහුවිධ තුවාල හේතුවෙන් මෙම මරණ සිදුවූ බවට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී වෛද්‍යවරු ඒකමතිකව තීරණය කර තිබෙනවා.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ භික්ෂුන්වහන්සේලා 13 නමක් පෙරේදා (24) රාත්‍රියේ කේබල් ආධාරයෙන් ගමන් කරන ඩක්කුවක් ආධාරයෙන් භාවනා කුටි වෙත ගමන් කරමින් සිටි අවස්ථාවේ දී අනතුරට ලක්ව තිබුණා.

මෙම අනතුරින් භික්ෂුන්වහන්සේලා 07 නමක් අපත්ව වූ අතර, භික්ෂුන්වහන්සේලා හයනමක් තුවාල ලබා රෝහල් ගත කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?