අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට අනුමතිය

අද (23) දින දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමිව තිබෙනවා.

මේ සඳහා අනුමතිය හිමි වූයේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් පසුගියදා (20) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

‍මෙහිදී අධිකරණ අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙම පනත් කෙටුම්පතෙහි අවශ්‍යතාවය පිළිබඳ පැහැදිලි කළ අතර, ඔවුන් පෙන්වා දුන්නේ අධිකරණ භූමිය වෙත සැකකරුවන් නොගෙන්වා සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය යොදාගනිමින් ඔවුන් සම්බන්ධ කරගැනීම සහ විද්‍යුත් තැපෑල මගින් සාක්ෂිකරුවන් වෙත සිතාසි යැවීමට මෙමගින් අවස්ථාව ලැබෙන බවයි.

මේ අනුව චූදිතයන් අධිකරණ භූමියට පැමිණීමේදී ඇති වන ජීවිත තර්ජන අවම කරගැනීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැය වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට මේ මගින් හැකි වන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

අනතුරුව මෙම පනත් කෙටුම්පත සඳහා කාරක සභාවේ අනුමතිය හිමි වුණා.

එමෙන්ම මෙහිදී ශ්‍රී ලංකා විනිශ්චයකාරයවරුන්ගේ ආයතනයේ 2022 සහ 2023 වර්ෂවල, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ 2021 සහ 2023 වර්ෂවල සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ 2022 සහ 2023 වර්ෂවල වාර්ෂික වාර්තා සඳහා ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතිය හිමි වුණා.

මෙහිදී හානිපූර්ණය සඳහා වන කාර්යාලයේ 2021, 2022 හා 2023 වාර්ෂ වල වාර්ෂික වාර්තා සලකාබලන ලද අතර ඔවුන් විසින් වන්දි ලබාදීමේදී 2023 වර්ෂයේ ඉල්ලුම්කළ අයට වන්දි ගෙවීමට

ප්‍රමුඛත්වයක් ලබාදී තිබීම මෙහිදී කමිටුවේ වැඩි අවදානයට යොමු වුණා.

මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ 2023 වර්ෂයට පෙර වන්දි දිය යුතු පිරිසට ලබා දී ඇත්තේ අඩු ප්‍රමුඛත්වයක් බවයි.

මෙහිදී මන්ත්‍රීවරයන් වෙනුවෙන් සිදු වූ අලාභහානි සඳහා වන්දි ගෙවා ඇත්දැයි කාරක සභාව අදාළ නිලධාරීන්ගෙන් විමසූ අතර ඔවුන් පෙන්වා දුන්නේ මෙම වන්දී ලබාදි ඇත්තේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පමණක් බවයි.

එසේ පුද්ගලයන් 142ක් වෙනුවෙන් රුපියල් මිලියන 753ක් ගෙවා ඇති බව මෙහිදී ඔවුහු පෙන්වා දුන්නා.

මේ අනුව මෙම වන්දි ලබාදි ඇති පුද්ගලයන්, ගෙවූ මුදල සහ මුදල් ගෙවූ දින සහිත සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් සතියක් ඇතුළත කාරක සභාව වෙත ලබාදෙන ලෙස කාරක සභාව නියෝග කළ අතර මෙම වාර්තා ලැබීමෙන් පසු එම වාර්ෂික වාර්තාව නැවත සලකා බැලීමට තීරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56
Video thumbnail
අනුරාධපුර ඉන්ධන බවුසර් හිමියන් වැඩ වර්ජනයක.."බොසාලා කිව්වා තෙල් අදින එක නවත්තන්න කියලා"
03:50
Video thumbnail
ටැංකි රථකරුවක් ඉන්ධන බෙදාහැරීම නවත්වයිද ?..සාධනීය පිළිතුරක් නැති වුණොත් තීරණයක් ගන්නවා
05:23
Video thumbnail
කොටියෙකු නිසා හිමිනමක් අපවත් වූ සිද්ධිය ගැන කරුණු රැසක් එළියට.."ලෙනට අපහසුවෙන් බඩගාගෙන ගිහින්"
05:36
Video thumbnail
වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු
00:31
Video thumbnail
පොලිස් වැටලීමකින් අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අතේ මාට්ටු..ෆුල් Search එකක් දෙන හැටි
00:53
Video thumbnail
ජනතාව දැන් ආණ්ඩුවට යුද ප්‍රකාශ කරලා තියෙන්නේ..සිංහල අලුත් අවුරුද්ද කන්න නෙවෙයි ලෙවකන්න වෙලා..
03:45
Video thumbnail
ත්‍රීවිල් රථයක පාපැදියක් ගැටී පාපැදිකරු එතනම එළොව යයි
00:35
Video thumbnail
අහිංසකයින්ට බදු ගහලා ඒකෙන් ඉන්ධන ගෙනත් විශාල ජාවාරමක් කළා..බොරුවෙන් රජ එක නවත්වන්න
04:03