AFC Banner
AFC Banner
Empty Ad

අපරාධ කල්ලි නායකයෙකුගේ, ප්‍රධානතම ගෝලයා ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

ඩුබායි හි වාසය කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ මෙරට සිටින ප්‍රධානතම ගෝලයා අද (17) දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ආඩිඅම්බලම ”බිග් සිටි” නිවාස සංකීර්ණයේ වාසය කරන 30 හැවිරිදි තරුණයෙක්.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ මොහු සන්තකයෙහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 200ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන තිබුණා.

මොහු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් සොරා ගත් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ භාවිතා කරමින් ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය සිල්ලර වශයෙන් අලෙවි කරන ජාවාරම්කරුවන් වෙත සැපයීම සිදු කර ගෙන ගොස් ඇති බව සඳහන්.

ඇතැම් අවස්ථා වලදී මෙම වාහන වලින් ගොස් වෙඩි තැබීම් සහ පිහි ඇනුම් සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී ද අනාවරණය වී තිබුණා.

මොහු ඉකුත් මැයි මස 05වන දින හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති අතර සැප්තැම්බර් 05වන දින ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පිහි ඇනුමක් සිදු කර පළා ගොස් තිබෙනවා.

එයට අමතරව ගනේමුල්ල පොලිස් වසම තුළ දී සොරා ගත් ස්කූටර් වර්ගයේ යතුරු පැදි දෙකක් සහ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා භාණ්ඩ ද , කඩුවක් සහ කිනිස්සක් ද පොලිසිය විසින් සිදු කළ විමර්ශන කටයුතු වල දී සොයා ගැණුනා.

මොහු අද (18) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර එතැනින් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද රැගෙන යාමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

vehicle scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?