අපරාධ කල්ලි නායකයෙකුගේ, ප්‍රධානතම ගෝලයා ගුවන්තොටේ දී අත්අඩංගුවට (ඡායාරූප)

ඩුබායි හි වාසය කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ මෙරට සිටින ප්‍රධානතම ගෝලයා අද (17) දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු ආඩිඅම්බලම ”බිග් සිටි” නිවාස සංකීර්ණයේ වාසය කරන 30 හැවිරිදි තරුණයෙක්.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් අවස්ථාවේ මොහු සන්තකයෙහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 200ක ප්‍රමාණයක් පොලිසිය විසින් සොයා ගෙන තිබුණා.

මොහු ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් සොරා ගත් යතුරු පැදි සහ ත්‍රිරෝද රථ භාවිතා කරමින් ප්‍රදේශය පුරා මත්ද්‍රව්‍ය සිල්ලර වශයෙන් අලෙවි කරන ජාවාරම්කරුවන් වෙත සැපයීම සිදු කර ගෙන ගොස් ඇති බව සඳහන්.

ඇතැම් අවස්ථා වලදී මෙම වාහන වලින් ගොස් වෙඩි තැබීම් සහ පිහි ඇනුම් සිදු කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී ද අනාවරණය වී තිබුණා.

මොහු ඉකුත් මැයි මස 05වන දින හොරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සිද්ධියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති අතර සැප්තැම්බර් 05වන දින ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට පිහි ඇනුමක් සිදු කර පළා ගොස් තිබෙනවා.

එයට අමතරව ගනේමුල්ල පොලිස් වසම තුළ දී සොරා ගත් ස්කූටර් වර්ගයේ යතුරු පැදි දෙකක් සහ රුපියල් ලක්ෂ 15 ක් පමණ වටිනා භාණ්ඩ ද , කඩුවක් සහ කිනිස්සක් ද පොලිසිය විසින් සිදු කළ විමර්ශන කටයුතු වල දී සොයා ගැණුනා.

මොහු අද (18) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර එතැනින් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ද රැගෙන යාමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

vehicle scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48