අපරාධකරුවන්ගේ ලැයිස්තුවක් සියලු පොලිස් ස්ථාන වෙත

අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 42,248කගේ ලැයිස්තුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් දිවයින පුරා පිහිටි සියලු පොලිස් ස්ථානවල අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත ලබාදී තිබෙනවා.

යුක්තිය මෙහෙයුම සිදු කෙරෙන අතරවාරයේදී ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට එමගින් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

විවෘත වරෙන්තු සහිත පුද්ගලයන් 35,505ක්, ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් අවශ්‍ය සැකකරුවන් 4,258ක් සහ පසුගිය වසර දෙක තුළ රට තුළ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයන් 2,485ක් මෙම ලැයිස්තුවට ඇතුළත් බව සඳහන්.

හෙට (14) සිට ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට සක්‍රීයව සහභාගී වන ලෙසටයි සියලුම පොලිස් ස්ථානවල කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පරීක්ෂකවරුන් (HQIs) සහ අපරාධ ස්ථානාධිපතිවරුන්ට වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තේ.

ඊට අමතරව අවශ්‍ය සැකකරුවන් ඉදිරි මාසය තුළ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පැය 24 පුරාම පොලිස් නිලධාරීන් යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම අපරාධ ස්ථානාධිපතිවරුන්ට නියෝග නිකුත් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට අමතරව දිවයින පුරා අපරාධ ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් යොදන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?