අපරාධකරුවන්ගේ ලැයිස්තුවක් සියලු පොලිස් ස්ථාන වෙත

අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් 42,248කගේ ලැයිස්තුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් දිවයින පුරා පිහිටි සියලු පොලිස් ස්ථානවල අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත ලබාදී තිබෙනවා.

යුක්තිය මෙහෙයුම සිදු කෙරෙන අතරවාරයේදී ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙසට එමගින් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

විවෘත වරෙන්තු සහිත පුද්ගලයන් 35,505ක්, ඇඟිලි සලකුණු මගින් හඳුනාගත් අවශ්‍ය සැකකරුවන් 4,258ක් සහ පසුගිය වසර දෙක තුළ රට තුළ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් අවශ්‍යව සිටි පුද්ගලයන් 2,485ක් මෙම ලැයිස්තුවට ඇතුළත් බව සඳහන්.

හෙට (14) සිට ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට සක්‍රීයව සහභාගී වන ලෙසටයි සියලුම පොලිස් ස්ථානවල කොට්ඨාස භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මූලස්ථාන පරීක්ෂකවරුන් (HQIs) සහ අපරාධ ස්ථානාධිපතිවරුන්ට වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තේ.

ඊට අමතරව අවශ්‍ය සැකකරුවන් ඉදිරි මාසය තුළ අත්අඩංගුවට ගැනීමේ අරමුණින් පැය 24 පුරාම පොලිස් නිලධාරීන් යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් සියලුම අපරාධ ස්ථානාධිපතිවරුන්ට නියෝග නිකුත් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය සහ පාතාලයට සම්බන්ධ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුමට අමතරව දිවයින පුරා අපරාධ ක්‍රියාකාරකම් අවම කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් යොදන බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16