AFC Banner
Empty Ad
Empty Ad

“අපට දැන් අවසර තිබෙනවා, නමුත් බයයි..” – මුඛ ආවරණවලින් නිදහස් වූ ඊශ්‍රායල ජනයා විදි බසී – Photos

ඊශ්‍රායලයේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 838,481 ක්.

ඉන් 6,363 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 830,625 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

කෙසේ වෙතත්, මේ දක්වා එරට තුළ මුඛාවරණ පැළඳීම අනිවාර්ය කර තිබුණ ද, පසුගිය සතියේදී එය අවශ්‍ය නොවන බවයි, ඊශ්‍රායිල රජය නිවේදනය කළේ.

ලොව වේගවත්ම කොරෝනා මර්දන එන්නත් කිරීමේ ව්‍යාපාරය එරට සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කර ඇති අතර මේ දක්වා ජනගහනයෙන් අඩකට අදාළ එන්නත ලබාදී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තරුණියක අදහස් දක්වමින් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, “අපට දැන් අවසර තිබෙනවා, නමුත් බයයි.. ඒ නිසා තවදුරටත් මුඛ ආවාරණ පළඳිනවා..” යනුවෙනුයි.

“එය මාගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා..” යනුවෙන් ද ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

අදාළ පුවත සැලවීමත් සමඟ ඊශ්‍රායල ජනයා වීදියට පැමිණ ඡායාරූප ගනිමින්, සිය සතුට ප්‍රකාශ කළ ආකාරය දැක්වෙන ඡායාරූප ද සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.

ඊශ්‍රායලය මුඛ ආවාරණ පැළඳීමේ නීතිය ලිහිල් කළ ප්‍රථම රට බවට පත්ව ඇති බව ද සඳහන්.‍

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?