‘‘අනේ අයියේ මටනම් බෑ ඒ වගේ වැඩ කරන්න.” ඉහළම රැකියා කරන කතුන්ගේ පාට් ටයිම් අලුත්ම සෙල්ලම එලියට

වීදි ගණිකාවන් ගැන අපි අසා ඇත්තෙමු. දැක ඇත්තෙමු. කතා කර ඇත්තෙමු. එහෙත් අපි අද කතා කරන්නට යන්නේ සමාජයේ පිළිගත් රැකී රක්ෂාවල යෙදෙන කාන්තාවන් ඉතා සූක්ෂම අයුරින් මුදලට ශරීරය විකුණන ජාවාරමක් පිළිබඳවයි.

 මෙහි කතා නායිකාව වාසනා යන අන්වර්ථ නාමයෙන් අපි හඳුන්වන්නෙමු. වාසනාගේ උපන්ගම කුරුණෑගලයි. එම ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ ඇය උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරුවාය.

 පාසල් කාලයේ සිට ඇය පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියාය. එම නිසා උසස් පෙළ අධ්‍යාපනය අවසන් කළ පසු ඇය නිවැසියන්ටද හොර රහසේ ඔහු සමග විවාහ වූවාය.

 විවාහ වී වසර පහක් ගිය පසු දරු දෙදෙනා ද තනිකර දමා ස්වාමි පුරුෂයා ඇයව අතහැර දැමුවාය. ඉන්පසු ඇය ඉතාමත් අසරණ වූවාය.

 ‘‘මේක මම ලබා උපන් හැටි වෙන්න ඇති. ජීවිතේ දැන් වැරදිලා ඉවරයි. කරන්න දෙයක් නැහැ. එන දේකට මුහුණ දෙනවා. කොහොමහරි දරු දෙදෙනාව ලොකු මහත් කර ගන්න ඕනා. ඒක නිසා රැකියාවක් හොයාගන්න ඕනා.” එලෙස සිතූ ඇය දන්නා හඳුනන අයට පැවසුවේ තමන්ට රැකියාවක් සොයා දෙන ලෙසයි.

 දරු දෙදෙනකු සිටියත් වාසනා පෙනුමෙන් ළාබාල තරුණියක මෙන්ය. එම නිසා තරුණයන් කිහිපදෙනකු ද ඇය දෙස ගසාගෙන සිටියාය. ගිම්හාන ඉන් එක් අයෙකි.

 ගිම්හාන දිනක් වාසනාව මුණගැසීමට පැමිණ මෙලෙස පැවසුවේය.

 ‘‘වාසනා නංගි ඔයාට මම ජොබ් එකක් බැලූවා.”

 ‘‘ඒ කොහෙද අයියේ.”

 ‘‘කුරුණෑගලින්ම තමයි. ඒක ලොකු කොම්පැනියක්.”

 ‘‘එහෙමද අයියේ ඔයාට ගොඩක් පින්. මොකක්ද මම ඒකෙ කරන්න ඕනා.”

 ‘‘නංගි ඇත්තම කතාව මේකයි. ඒකෙ ලොක්කා කුකුළා. ඒක නිසා නංගි තනියම ගිහිල්ල එයාව හම්බ වෙන්න. ඊට පස්සේ එයා නංගිට ජොබ් එක දෙයි.”

 ‘‘අනේ මට හරියට තේරුන්නෑ. අයියා කියපු දේ.”

‘‘කෙලින්ම කිව්වොත් මෙහෙමයි. ඔයාට ජොබ් එක්ස්පීරියන්ස් සුදුසුකම් මොනවත් හරියට නැහැනේ. ඒක නිසා ලොක්කා කියන දේට කැමති වෙන්න. ඔයාට ජොබ් එක හම්බ වෙයි.”

 ‘‘අනේ අයියේ මටනම් බෑ ඒ වගේ වැඩ කරන්න.”

 ‘‘ඒක නංගි ඔයා තීරණය කරන්න. හැබැයි මේ තියෙන තත්ත්වෙත් එක්ක ජොබ් එකක් නං හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ.”

 ‘‘ජොබ් නැතත් කමක් නෑ මට ඒ වැඬේ කරන්න බෑ.”

 ‘‘ඒක නංගි ඔයාගේ කැමැත්ත මට පුළුවන් දේ මං කළා. ඔයා කල්පනා කරලා බලලා කැමතිනම් විතරක් මට කියන්න.”

 ගිම්හාන ගියපසු ඇය ඒ පිළිබඳව පැය ගණනක් කල්පනා කළාය. නොයෙක් ආකාරයේ සිතිවිලි ඇයට පහළ. අවසානයේ කරන්න දෙයක් නොමැතිකමටම එම යෝජනාවට ඇය එකඟ වූවාය. ඒ පිළිබඳ ගිම්හානට දැන්වූවාය.

 ගිම්හාන ඒ පිළිබඳව තමන් අඳුරන පෞද්ගලික ආයතනයේ ඉහළ නිලධාරියාට දැනුම් දුන්නේය. ඔව් දිනය දිනයක් සහ වේලාවක් ලබා දුන්නේය.

 නියමිත දිනයට වාසනා එම ආයතන ප‍්‍රධානියා මුණගැසීමට ගියාය. ඇය තම මෝටර් රථයේ නංවාගත් ආයතන ප‍්‍රධානියා කෙළින්ම ගියේ එම ප‍්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයකටයි.

 හෝටල් කාමරය තුළදී තම ආශාවන් ඉටුකර ගත් එම ආයතන ප‍්‍රධානියා පසු දින තම පෞද්ගලික ආයතනයට පැමිණෙන ලෙස ඇයට පැවැසුවේය.

 පසුදින එම ආයතනයට ඇය පැමිණ තමා සමග යහන්ගත වුණ ඉහළ නිලධාරියාව මුණ ගැසුණාය. ඉන්පසු ඔහු එම ආයතනයේ  පිළිගැනීමේ නිලධාරිනියක ලෙස ඇයට රැකියාව ලබා දුන්නේය.

 රැකියාව කරන අතරතුර අවස්ථා කිහිපයකදී එම නිලධාරියා යළි ඇයගෙන් ලිංගික අල්ලස් ලබා ගත්තේය. එයට අමතරව ඇයට  රැකියාව සොයා දීමට උදව් කළ ගිම්හානද ඇයගෙන් ලිංගික අල්ලස් ලබා ගත්තේ ඇයට තර්ජනය කරමින්ය.

 මාස කිහිපයක් ඇය රැකියාව කරගෙන ගියාය. එහෙත් ලැබෙන වැටුපෙන් ජීවිතය ගැට ගසා ගැනීමට ඇයට නොහැකි වූවාය.

 එම ආයතනයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන නිර්මලා ඇයගේ හොඳම යෙහෙළිය බවට පත්වූවාය.

 දිනක් වාසනා තම දුක ඇයට පැවසුවේ මෙලෙසින්ය.

 ‘‘මට නම් දැන් මේ ජොබ් එක එපා වෙලා. හම්බෙන පඩිය සතියෙන් ඉවර වෙනවා. අනේ මන්දා මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ.”

 ‘‘කාටත් ඒ ප‍්‍රශ්නේ තමයි.”

 ‘‘මිස්ට එහෙම කරදරයක් නැතුව ඇතිනේ හොඳ පඩියක් හම්බ වෙනවානේ.”

 ‘‘වියදම එක්ක බැලූවහම මටත් ඔය සෙතේම තමයි.”

 ‘‘ඒ බවක් මිස්ගෙන් පේන්නේ නෑ ඔය කාලා බීලා හොඳට ඉන්නේ.”

 ‘‘එහෙම ඉන්නේ මේ හම්බකරන පඩියෙන් නෙවෙයි. මම වෙන බිස්නස් එකක් කරනවා.”

 ‘‘ඒ මොකද්ද මිස් මටත් බැරිද ඒ වගේ දෙයක් කරන්න.”

 ‘‘බැරිකමක් නැහැ ඔයා කැමති වෙයිද දන්නෙ නැහැ.”

 ‘‘අනේ මිස් එහෙම හිතන්න එපා මම දැන් ඕන දේකට කැමතියි.”

 ‘‘මේක කාටවත් කියන්න එපා රහසක් ඔයා මගේ හොඳම යාළුවා නිසා තමයි කියන්නේ.”

 අනේ නැහැ මිස් ගෙඟ් මුහුදේ දැම්මා වගේ කියලා හිතාගන්න.”

 ‘‘මම සල්ලිකාරයොත් එක්ක ඞීල් යනවා. මාසයට ලක්ෂ දෙක තුනක් කිසිම කරදරයක් නැතුව හොයාගන්නවා. මොකද කියන්නේ කැමතිනම් මම සෙට් කරන්නම්. පාරේ ඉන්න අය වගේ නෙමේ. මම දන්න නීතිඥවරියන් වගෙයි ඉහළ පෙළේ රැකියා කරන අයත් මේ ජොබ් එක කරනවා. අපි යන්න හොඳ සල්ලි තියන අය එක්ක විතරයි.”

 ‘‘කමක් නෑ මිස් මම කැමතියි. මේ ජොබ් එක හොයා ගන්නත් දෙන්නෙක් එක්ක නිදාගන්න වුණා.”

 එතැන් පටන් වාසනා රැකියාව කරන අතරතුර සල්ලිකාර මිනිසුන් සමග මුදලට යහන්ගතවීමට පුරුදු වූවාය. කල් යද්දී ඇය ඉතා විශාල ධනස්කන්ධයක් ඒ හරහා උපයා ගත්තාය. ඇය ඒ පිළිබඳව පැවසුවේ මෙවන් කතාවකි.

 ‘‘මගේ එක යෙහෙළියක් ඉන්නවා ඇය නීතිඥවරියක්. ජීවත්වෙන්න මුදල් නැහැ කියලා මම කරන රැකියාව කරනවා. එයා ටිකක් ලස්සනයි. එයා එක්කෙනෙක් එක්ක නිදාගන්න රුපියල් 50,000 ක් අය කරනවා. එයාගේ මහත්තයා ඩොක්ටර් කෙනෙක්. දුවලා දෙන්නා ඉගෙන ගන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක.”

 ‘‘තව එක්කෙනෙක් ඉන්නවා. වයස විසි දෙකයි. බඳින්න කොල්ලෙක් ඉන්නවා. ප‍්‍රසිද්ධ පෞද්ගලික දුරකථන ආයතනයක රැකියාව කරන්නේ. හොඳ වැටුපක් ගන්නවා.”

 ‘‘එයා කියන්නේ බඳින්න ඉස්සෙල්ලා හොඳට සල්ලි හොයාගන්න ඕන කියලා. එහෙම කියලා තමයි එයා මේ රැකියාවේ යෙදෙන්නෙ. වයස පොඩි නිසා එයාට හොඳ ඉල්ලූමක් තියෙනවා. සමහර සල්ලි කාරයෝ ලක්ෂ ගණන් අයට වියදම් කරනවා.”

 ‘‘එක මැණික් මුදලාලි කෙනෙක් ඉන්නවා. ඒ මුදලාලි මාසෙකට පාරක් මෙයාව දවස් දෙකක ටි‍්‍රප් එකක් එක්ක යනවා. ඒ දවස් දෙකට ලක්ෂ පහක් දෙනවා.”

 ‘‘විවිධ අසහන තියෙන මිනිස්සුත් ඉන්නවා. ඒගොල්ලො කියන විදිහට අපි ඉන්න ඕනා. හැබැයි අත දිග ඇරලා සල්ලි වියදම් කරනවා. සල්ලි හම්බෙන නිසා අපි කැමති වෙනවා.”

 ‘‘ගුරුවරියන් , විධායක ශ්‍රේණියේ රැකියා කරන පිරිස්, සමාජයේ ප‍්‍රසිද්ධ තරුණියන්, සරසවි සිසුවියන් ආදී නොයෙක් තරාතිරම්වල අය මෙම රැකියාවේ නිරත වෙනවා. ඒක මම හොඳාකාරවම දන්නවා. ඒ වගේම සමහර ගැහැනු ස්වාමිපුරුෂයාගේ අනුදැනුම ඇතුව මේ රැකියාවේ නිරත වෙනවා.”

 ඇය එලෙස අපට හෙළි කළේ සමාජයේ පිළිගත් ඉහළ පැලැන්තියේ තරුණියන් විවිධ අවශ්‍යතා සඳහා මුදල් ඉපයීම සඳහා හොර රහසේ මුදල් යහමින් ඇති අයට ශරීරය විකුණන ආකාරය ගැනයි. මෙය නීති විරෝධී ක‍්‍රියාවකි. එහෙත් මේ ජාවාරම නීතියේ රැහැනට කොටුකර ගැනීම ඉතා අපහසු කාර්යයක් වනවා ඇත. වගකිවයුතු නිලධාරීන් මේ පිළිබඳව සොයා බැලිය යුතුය.

දිවයින

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
49
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29