AFC Banner
Empty Ad
Empty Ad

අනුරාධපුර ශුද්ධ නගරයේ කැණීම් සඳහා යුනෙස්කෝ සහාය

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානයේ සහාය අඛණ්ඩ ව ම ලැබෙන බවත් අනුරාධපුර ශුද්ධ නගරයෙහි කැණීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික හා අනෙකුත් සහායන් ද යුනෙස්කෝ සංවිධානය මගින් ඉදිරියේ දී ලබාදීමට අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ; ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ යුනෙස්කේ අධ්‍යක්ෂවරිය අතර පැවති හමුවට එක්වෙමින්.

මෙම වැඩසටහන නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා යුනෙස්කෝ හවුල්කාරීත්වයේ 75 වෙනි සංවත්සර සැමරුම් උලෙළට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඌද්‍රෙ ඇසුලෙ (Audrey Azoulay) මහත්මියට ඇයගේ සහභාගීත්වය හා දක්වන සමීප සහයෝගීතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පළ කරන බව ද සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළා.

රටවල් 194ක් සාමාජිකත්වය දරන යුනෙස්කෝ ආයතනයත් සමග දිගුකාලීන ව පැවති හවුල්කාරීත්වය සහ සහයෝගීතාව මත අප රටට නොයෙක් අවස්ථාවල විවිධ ආධාර හා මාර්ගෝපදේශයන් ලැබුණු බව ද එහිදී සිහිපත් කෙරුණා.

එමෙන්ම යුනෙස්කෝ සංවිධානයේ විධායක සභාවට තේරී පත් ව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ලබා ගැනීමට වර්තමානයේ හා මින් පෙර ද වශයෙන් අවස්ථා දෙකක දී ම තමන්ට හැකි වූ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?