අනුරාධපුර වෛද්‍යවරියගේ ජංගම දුරකථනය හමුවෙයි

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කළ බව කියන සැකකරු විසින් කොල්ලකන ලද අදාළ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ගල්නෑව පොලිසිය සඳහන් කළේ ඊයේ (16) මෙම අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථනය නිදිකුම්බායාය සහ මහමෙව්නා අසපුව අතර කැලෑ කොටසේ සිදුකළ සෝදිසි කිරීම්වල දී සොයාගත් බවයි.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ ස්ථානයට මීටර් 600-800ක් පමණ දුරකින් තිබිය දී මෙම ජංගම දුරකථනය හමු වූ බවයි එම පොලිස් ස්ථානයේ උස්ස නිලධාරියෙක් පැවසුවේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමේ පසු ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ වෛද්‍යවරිගෙන් කොල්ලකන ලද ජංගම දුරකථනය කැලෑවකට විසිකළ බවත්; එලෙස විසිකළ ස්ථානය පිළිබඳව නිශ්චිත මතකයක් තමාට නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?