අනුරපුරට නොයා පොල්ලක් තිබ්බා ද ? – නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරිගෙන් උත්තර

අද (15) උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් සහ එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අතර රැස්වීම හදිසියේ වලංගු කළ පුවතක් මීට පෙර අප වාර්තා කළා..

එලෙස පැවැත්වීමට නියමිතව තිබූ එම රැස්වීම දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා විසින් අවලංගු කරන ලෙස හදිසියේම දන්වා ඇති බවයි පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ හේතුවෙන් රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ට රස්තියාදු වී ආපසු හැරී යෑමටයි අද උදෑසන ඔවුන්ට සිදුවුණේ.

එලෙස අපහසුතාවයට පත් වූ මැතිවරණ අපේක්ෂකයින් දයාසිරි ජයසේකර මහ ලේකම්වරයාට දැඩි විරෝධයක් ද එල්ල කර සිටියා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරගෙන් විමසීමක් කළා.

එහිදී මහ ලේකම්වරයා සඳහන් කළේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් මෙම රැස්වීමට කඩාකප්පල් කිරීමට සූදානමින් සිටින බවට සංවිධායකවරුන් කිහිප දෙනෙකුගෙන් තමන් වෙත ඊයේ (14) දිනයේ තොරතුරු ලැබුණු බවයි.

ඒ අනුව අද (15) දිනට පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීම තාවකාලිකව නැවැත්වීමේ යෝජනාවක් එහිදී එම සංවිධානකවරුන් තමන් වෙත ඉදිරිපත් කළ බව මහ ලේකම්වරයා පවසා සිටියා.

ඔවුන්ගේ එම යෝජනාව සහ ඉල්ලම් සැළකිල්ලට ගෙන එම රැස්වීමට නොපැවැත්වීමට එහිදී තීරණය කළ බවයි නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර අප සමඟ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?