අනුරගෙන් පසු මෝදි හමු වූ මාල්ස්

අගමැති නරේන්ද්‍ර මෝදි දිල්ලි අගනුවර දී ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් හමු වූ අතර, ඉන්දියා-ඕස්ට්‍රේලියානු විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කිරීම සඳහා ඵලදායී සාකච්ඡා පවත්වා තිබෙනවා.

සාකච්ඡාව අතරතුර නායකයින් ස්ථාවර, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා ඔවුන්ගේ දැක්ම බෙදා ගත් අතර කලාපීය ආරක්ෂක අභියෝග මධ්‍යයේ ආරක්ෂක සහ උපායමාර්ගික සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ඉස්මතු කළා.

ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා දිල්ලියේ සංචාරය කළේ ශ්‍රී ලංකාවේ දින දෙකක නිල සංචාරයක් නිමා කිරීමෙන් පසුවයි.

ඔහු කොළඹ දී ජනාධිපති අනුර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය මෙන්ම තවත් ඉහළ පෙළේ සාකච්ඡා රැසකට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?