අනීතික වැඩ කරන්නෙපා – ජාතික ජන බලවේගය පොලිසියෙන් ඉල්ලයි

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අරමුණු කරගෙන ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

මෙම නව මධ්‍යස්ථානය අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයේ දී හෙට (26) දිනයේ දී ආරම්භ කරන බවයි ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පැවසුවේ.

මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ එකී මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම බවත් සඳහන්.

එලෙස ලබා ගන්නා තොරතුරුවලට අදාළ ක්‍රියාමාර්ගවලට යොමුවීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරන බවත්; එයට සමගාමීව බලධාරීන් දැනුවත් කිරීම, මාධ්‍ය දැනුවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම, මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරන බවයි ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය වැඩිදුරටත් සඳහන් කළේ.

අවශ්‍ය වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්න වීමටත් සූදානම් බව ද ඔවුන් මතක් කර සිටියා.

එමෙන්ම මෙම මැතිවරණ කාර්යාලය භාරව ජාතික ජන බලවේගයේ සාමාජික, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සාමාජික, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගජසිංහ, විශ්‍රාමික පොලිස් අධිකාරී උපාලි පියනන්ද ඇතුළු කාර්ය මණ්ඩලයත් හෙට දින සිට පැය 24 පුරාම ඉහත ලිපිනයේ ක්‍රියාත්මක වන බව ද මෙම විශේෂ මාධ්‍ය හමුවේ දී දැනුම්දුන්නා.

ඊට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0112 796388, 071 435 6301, 0777 307409 යන දුරකථන අංක සඳහා මැතිවරණ අර්බුද ඇති වීම සම්බන්ධයෙන් දැනුම්දෙන ලෙසට ද ජාතික ජන බලවේගය ඉල්ලීමක් කර සිටිනවා.

මෙවන් තත්ත්වයක් මත මැතිවරණ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් සේවයට යෙදූ විට ඔවුන් ද අනීතික ව හැසිරීම සිදු නොකරන ලෙසයි ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය මෙහිදී වැඩිදුරටත් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?