අනීතික වැඩ කරන්නෙපා – ජාතික ජන බලවේගය පොලිසියෙන් ඉල්ලයි

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අරමුණු කරගෙන ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

මෙම නව මධ්‍යස්ථානය අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල යන ලිපිනයේ දී හෙට (26) දිනයේ දී ආරම්භ කරන බවයි ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න පැවසුවේ.

මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ එකී මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම බවත් සඳහන්.

එලෙස ලබා ගන්නා තොරතුරුවලට අදාළ ක්‍රියාමාර්ගවලට යොමුවීම මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරන බවත්; එයට සමගාමීව බලධාරීන් දැනුවත් කිරීම, මාධ්‍ය දැනුවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම, මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරන බවයි ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය වැඩිදුරටත් සඳහන් කළේ.

අවශ්‍ය වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග වෙත අවතීර්න වීමටත් සූදානම් බව ද ඔවුන් මතක් කර සිටියා.

එමෙන්ම මෙම මැතිවරණ කාර්යාලය භාරව ජාතික ජන බලවේගයේ සාමාජික, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සාමාජික, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගජසිංහ, විශ්‍රාමික පොලිස් අධිකාරී උපාලි පියනන්ද ඇතුළු කාර්ය මණ්ඩලයත් හෙට දින සිට පැය 24 පුරාම ඉහත ලිපිනයේ ක්‍රියාත්මක වන බව ද මෙම විශේෂ මාධ්‍ය හමුවේ දී දැනුම්දුන්නා.

ඊට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනයට හෝ 0112 796388, 071 435 6301, 0777 307409 යන දුරකථන අංක සඳහා මැතිවරණ අර්බුද ඇති වීම සම්බන්ධයෙන් දැනුම්දෙන ලෙසට ද ජාතික ජන බලවේගය ඉල්ලීමක් කර සිටිනවා.

මෙවන් තත්ත්වයක් මත මැතිවරණ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් සේවයට යෙදූ විට ඔවුන් ද අනීතික ව හැසිරීම සිදු නොකරන ලෙසයි ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකය මෙහිදී වැඩිදුරටත් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31