අනියම් කතක් සමඟ එකම නිවසක සිටි මිතුරන් දෙදෙනෙකු අතර ගැටුමකින් අයෙක් ජීවිතක්ෂයට

අනියම් කාන්තාවක් සමඟ එකම නිවසක ජීවත් වූ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක දී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිනුවන්ගොඩ, පත්තඩුවන, දේවාලවත්ත ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අද (02) දහවල් බීමත්ව සිටියදී මොවුන් දෙදෙනා අතර වෙළඳසැලක් අසලදී ආරවුලක් හටගෙන ඇති අතර,පසුව ඔවුන් පදිංචිව සිටි නිවස අසලදී එක් අයෙකු විසින් අනෙක් පුද්ගලයා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනාම කුලී වැඩ කරමින් ජීවත් වූවන් බවයි මිනුවන්ගොඩ පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (03) දින මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?