අනියම් කතක් සමඟ එකම නිවසක සිටි මිතුරන් දෙදෙනෙකු අතර ගැටුමකින් අයෙක් ජීවිතක්ෂයට

අනියම් කාන්තාවක් සමඟ එකම නිවසක ජීවත් වූ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක දී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් එක පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිනුවන්ගොඩ, පත්තඩුවන, දේවාලවත්ත ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අද (02) දහවල් බීමත්ව සිටියදී මොවුන් දෙදෙනා අතර වෙළඳසැලක් අසලදී ආරවුලක් හටගෙන ඇති අතර,පසුව ඔවුන් පදිංචිව සිටි නිවස අසලදී එක් අයෙකු විසින් අනෙක් පුද්ගලයා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.

මොවුන් දෙදෙනාම කුලී වැඩ කරමින් ජීවත් වූවන් බවයි මිනුවන්ගොඩ පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (03) දින මිනුවන්ගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22