අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්

අනිද්දා (24) දිනයේ සිට ඉදිරි දින කිහිපයේ දී උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර අද (22) දිනයේ දී ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි දැනුම් දෙන්නේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනවා.

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌවසහ උතුරු මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
6
+1
31
+1
5
+1
13
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?