අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ බවට චෝදනා ලැබූ අයෙක් සිපිරිගෙට

අන්තවාදී ත්‍රස්තවාදින් පිරිසක් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයට හා එහි නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කරන බවට මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (24) නියෝග කළා.

ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බත්තරමුල්ලේ අමාර් ශාබිර් හුසේන් අම්බාස් නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනගාරගත කෙරුණු බවයි වාර්තා වන්නේ.

මේ වන විට සිදු කරමින් පවතින විමර්ශනවලට අනුව සැකකාරා පුද්ගලයා අසත්‍යය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කර තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් කෙසේ වුව ද සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරමින් පවතින බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ දැනුම්දුන්නා.

සැකකාර පුද්ගලයාට යම් මානසික ආබාධයක් තිබේ ද යන්න පිළිබඳ ව සොයා බැලීම සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට අවසර ලබා දෙන ලෙස ටද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් අවසන්ව නොමැති බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම සලකා බැලූ මහේත්‍රාත්වරයා ඔහු එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා.

සැකකාර පුද්ගලයා සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට ද අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා එම සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද විමර්ශන නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?