අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ බවට චෝදනා ලැබූ අයෙක් සිපිරිගෙට

අන්තවාදී ත්‍රස්තවාදින් පිරිසක් මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලයට හා එහි නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කරන බවට මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (24) නියෝග කළා.

ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බත්තරමුල්ලේ අමාර් ශාබිර් හුසේන් අම්බාස් නමැති සැකකරු මෙසේ රක්ෂිත බන්ධනගාරගත කෙරුණු බවයි වාර්තා වන්නේ.

මේ වන විට සිදු කරමින් පවතින විමර්ශනවලට අනුව සැකකාරා පුද්ගලයා අසත්‍යය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කර තිබෙන බවට කරුණු අනාවරණය වී තිබෙන බවත් කෙසේ වුව ද සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරමින් පවතින බව ද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ දැනුම්දුන්නා.

සැකකාර පුද්ගලයාට යම් මානසික ආබාධයක් තිබේ ද යන්න පිළිබඳ ව සොයා බැලීම සඳහා මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට අවසර ලබා දෙන ලෙස ටද විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු තවදුරටත් අවසන්ව නොමැති බැවින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් කළ ඉල්ලීම සලකා බැලූ මහේත්‍රාත්වරයා ඔහු එසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළා.

සැකකාර පුද්ගලයා සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට ද අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා එම සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද විමර්ශන නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46