අන්තරේට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුලු 13 දෙනෙකු ඇතුලු පිරිසකට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම පිරිස පිරිසක් විහාරමහා දේවී උද්‍යානය අසලින් විරෝධතාවක් ආරම්භ කර උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්වීමට සූදානම් වන බවට පොලිසියට ලැබුණු තොරතුරුවලට අදාළවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

විරෝධතාකරුවන් කොටුව කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් බල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මාර්ගවල මහජන විරෝධතාවක් උද්ඝෝෂණ පෙළපාලියක් පවත්වා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වටලා විරෝධතා පා ගමනින් ගමන් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් එය තහනම් කරන ලෙසට අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අද පෙරවරු 11 සිට සවස 6 දක්වා කාලය තුල අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය, ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට සහ ගාලු මුවදොර වටරවුමේ සිට එන්. එස්. ඒ. වටරවුම දක්වා මාර්ගයට ඇතුලුවීමෙන් වළකින ලෙසටත් අධිකරණය විරෝධතාකරුවන්ට නියෝග කර තිබෙනවා.

උද්ඝෝෂණයක් හෝ පෙළපාලිනයක් පැවැත්වුවහොත් උද්ඝෝෂණකරුවන් හා මහජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් හා නොසන්සුන්කාරී තත්වයක් ඇතිවී මහජන පීඩාවක් ඇතිවීම වළක්වාලිමට හා මහජන ආරක්ෂාව වෙනුවෙනුයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මෙම නියෝගයට අමතරව පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසටත් මහජනයා ප්‍රකෝප විය හැකි ප්‍රචණ්ඩකාරී සිදු වීම් සිදු නොකරන ලෙසටත් නියෝග කරමින් වගඋත්තරකරුවන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුලු වගඋත්තරකරුවන් 13 දෙනෙකුට හා ඔවුන් සමග සහභාගී වන අනෙක් පුද්ගලයන් වෙනුවෙනුයි අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

මෙම ආඥාව කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට ආඥාව මගින් දැනුම්දී තිබෙනවා.

Police Order
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?