අන්තරේට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුලු 13 දෙනෙකු ඇතුලු පිරිසකට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම පිරිස පිරිසක් විහාරමහා දේවී උද්‍යානය අසලින් විරෝධතාවක් ආරම්භ කර උද්ඝෝෂණ පෙළපාලියක් පැවැත්වීමට සූදානම් වන බවට පොලිසියට ලැබුණු තොරතුරුවලට අදාළවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

විරෝධතාකරුවන් කොටුව කොල්ලුපිටිය හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් බල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මාර්ගවල මහජන විරෝධතාවක් උද්ඝෝෂණ පෙළපාලියක් පවත්වා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වටලා විරෝධතා පා ගමනින් ගමන් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

ඒ අනුව අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් එය තහනම් කරන ලෙසට අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව අද පෙරවරු 11 සිට සවස 6 දක්වා කාලය තුල අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යංශය, ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට සහ ගාලු මුවදොර වටරවුමේ සිට එන්. එස්. ඒ. වටරවුම දක්වා මාර්ගයට ඇතුලුවීමෙන් වළකින ලෙසටත් අධිකරණය විරෝධතාකරුවන්ට නියෝග කර තිබෙනවා.

උද්ඝෝෂණයක් හෝ පෙළපාලිනයක් පැවැත්වුවහොත් උද්ඝෝෂණකරුවන් හා මහජනතාව අතර ගැටුම්කාරී තත්ත්වයක් හා නොසන්සුන්කාරී තත්වයක් ඇතිවී මහජන පීඩාවක් ඇතිවීම වළක්වාලිමට හා මහජන ආරක්ෂාව වෙනුවෙනුයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මෙම නියෝගයට අමතරව පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසටත් මහජනයා ප්‍රකෝප විය හැකි ප්‍රචණ්ඩකාරී සිදු වීම් සිදු නොකරන ලෙසටත් නියෝග කරමින් වගඋත්තරකරුවන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුලු වගඋත්තරකරුවන් 13 දෙනෙකුට හා ඔවුන් සමග සහභාගී වන අනෙක් පුද්ගලයන් වෙනුවෙනුයි අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

මෙම ආඥාව කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට ආඥාව මගින් දැනුම්දී තිබෙනවා.

Police Order
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40