අන්තර්ජාල වෙළෙදාම් නීති ශක්තිමත් කරන්න යයි

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වෙළෙදාම් කටයුතුවලදී පවතින වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සහ අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ වෙළෙදාම් සිදුකරන පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පවත්වා ඇත.

මෙහිදී අන්තර්ජාලය ඔස්සේ වෙළෙදාම් කටයුතු සිදුකරන මෙරට ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතන කිහිපයක නියෝජිතයින් ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කරුණු මතුකර ඇත. එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ගැටලු විසඳීම සඳහා ශක්තිමත් නීති රාමුවක් පැවතීම අත්‍යවශ්‍ය බවයි.

අන්තර්ජාලය ඔස්සේ වෙළෙදාම් කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරික ආයතනයන් මෙන්ම පාරිභෝගිකයින් යන දෙපාර්ශ්වයටම සාධාරණය ඉටු වන පරිදි හා අයිතීන් සුරක්ෂික වන අයුරින් නව නීති හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

මේ සම්බන්ධව මේ වනවිටත් සිදු කර ඇති පර්යේෂණ වාර්තාවන් ද අධ්‍යනය කරමින් නව නීති හඳුන්වාදීම හා සංශෝධනය කිරීම සිදු කළයුතු ආකාරය පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.

අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ, මේ සඳහා සෘජුවම සම්බන්ධ වන ආයතන හා පාරිභෝගිකයන්ගේ අදහස් විමසා අදාළ නීති රාමුව සකස් කිරීම වැදගත් බවයි.

වාණිජ නීති පද්ධතිය (e – Commerce) සමාලෝචනයට පත් කොට ඇති කමිටුව හා මාර්ගගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළෙදාම් කටයුතු සිදු කරනු ලබන නියෝජිත ආයතන මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කර නීති රාමුව ශක්තිමත් ලෙස සකස්විය යුතු බවත් අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?