අන්තර්ජාල වෙළෙදාම් නීති ශක්තිමත් කරන්න යයි

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන වෙළෙදාම් කටයුතුවලදී පවතින වාණිජ නීති රාමුව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සහ අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ වෙළෙදාම් සිදුකරන පාර්ශ්ව සමග විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) පවත්වා ඇත.

මෙහිදී අන්තර්ජාලය ඔස්සේ වෙළෙදාම් කටයුතු සිදුකරන මෙරට ප්‍රධාන පෙළේ වෙළෙඳ ආයතන කිහිපයක නියෝජිතයින් ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් කරුණු මතුකර ඇත. එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ගැටලු විසඳීම සඳහා ශක්තිමත් නීති රාමුවක් පැවතීම අත්‍යවශ්‍ය බවයි.

අන්තර්ජාලය ඔස්සේ වෙළෙදාම් කටයුතු සිදු කරනු ලබන ව්‍යාපාරික ආයතනයන් මෙන්ම පාරිභෝගිකයින් යන දෙපාර්ශ්වයටම සාධාරණය ඉටු වන පරිදි හා අයිතීන් සුරක්ෂික වන අයුරින් නව නීති හඳුන්වාදීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

මේ සම්බන්ධව මේ වනවිටත් සිදු කර ඇති පර්යේෂණ වාර්තාවන් ද අධ්‍යනය කරමින් නව නීති හඳුන්වාදීම හා සංශෝධනය කිරීම සිදු කළයුතු ආකාරය පිළිබඳව ද සාකච්ඡා වී තිබේ.

අමාත්‍යවරුන් සඳහන් කර ඇත්තේ, මේ සඳහා සෘජුවම සම්බන්ධ වන ආයතන හා පාරිභෝගිකයන්ගේ අදහස් විමසා අදාළ නීති රාමුව සකස් කිරීම වැදගත් බවයි.

වාණිජ නීති පද්ධතිය (e – Commerce) සමාලෝචනයට පත් කොට ඇති කමිටුව හා මාර්ගගත ක්‍රමය (ONLINE) ඔස්සේ වෙළෙදාම් කටයුතු සිදු කරනු ලබන නියෝජිත ආයතන මේ පිළිබදව තවදුරටත් සාකච්ඡා කර නීති රාමුව ශක්තිමත් ලෙස සකස්විය යුතු බවත් අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?