අන්තර්ජාල මුදල් වංචාවකට චීන ජාතිකයින් පිරිසක් අලුත්ගම දී අත්අඩංගුවට

අන්තර්ජාල මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට චීන ජාතිකයන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයේ දී අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත රැඳී සිටිය දී මෙම චීන ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස අදාළ සංචාරක නිකේතනයේ මාස කිහිපයක සිට රැඳී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙහිදී ඔවුන් සන්තකයේ තිබී පරිගණක, ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකථන රැසක් හා මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් කණ්ඩායම පෞද්ගලික බස් රථයකින් අලුත්ගම පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විවිධ රටවල වෙසෙන පුද්ගලයන්ගේ ගිණුම්වලින් මෙම පිරිස වංචනික ලෙස කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58