අන්තර්ජාල මුදල් වංචාවකට චීන ජාතිකයින් පිරිසක් අලුත්ගම දී අත්අඩංගුවට

අන්තර්ජාල මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට චීන ජාතිකයන් පිරිසක් අලුත්ගම ප්‍රදේශයේ දී අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ සංචාරක නිකේතනයක කුලී පදනම මත රැඳී සිටිය දී මෙම චීන ජාතිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස අදාළ සංචාරක නිකේතනයේ මාස කිහිපයක සිට රැඳී සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙහිදී ඔවුන් සන්තකයේ තිබී පරිගණක, ඉතා ඉහළ මිල ගණන්වල ස්මාර්ට් ජංගම දුරකථන රැසක් හා මුදල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් කණ්ඩායම පෞද්ගලික බස් රථයකින් අලුත්ගම පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

තානාපති කාර්යාල හරහා ලැබුණු පැමිණිලි ඔස්සේ සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විවිධ රටවල වෙසෙන පුද්ගලයන්ගේ ගිණුම්වලින් මෙම පිරිස වංචනික ලෙස කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?