අන්තර්ජාලයෙන් මූල්‍ය වංචා කළ ප්‍රසිද්ධ සමාගමක් ගැන නියෝගයක්

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම සඳහා පවත්වාගෙන ගිය බව කියන කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පිහිටි “වේව් ටෙක්” නමැති සමාගම් කාර්යාලය තුළ තිබෙන පරිගණක ඇතුළු සෙසු භාණ්ඩ සැකකාර පාර්ශ්වයට ලබාදිය හැකියාව තිබේ ද නැද්ද යන්න පිළිබඳ ව විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (12) නියෝග කළා.

එම නිවාස සංකීර්ණය තුළ තිබෙන “වේව් ටෙක්” නමැති ආයතනයට අයත් පරිගණක ඇතුළු සෙසු උපාංග තම සේවාදායකයන්ට ලබාදීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට එරෙහි වීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ කොරියානු ජාතිකයකු සතු රුපියල් කෝටි තිහකට අධික මුදලක් අන්තර්ජාලය ඔස්සේ වංචා කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ නියෝග මත එම ආයතනයට මුද්‍රා තබා ඇති බවත් මේ වන විට එම කාර්යාලය පිහිටි නිවස තුළ පරිගණක 56 ක් ඇතුළු නඩුවට අදාළ ලියකියවිලි රැසක් තිබෙන බවයි.

එහි තිබෙන පරිගණක ඇතුළු අදාළ ලියකියවිලි සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරගෙන යන බැවින් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා එම භාණ්ඩ සැකකරුවන්ට ලබාදිය හැකි ද නැද්ද යන්න පිළිබඳව විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට එසේ නියෝග කෙරුණා.

මෙම සිද්ධියට අදාළව එම පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කළ නීතිඥවරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට ඔවුන් ඇප මත මුදා හැර තිබෙනවා.

මෙරට කොරියානු තානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගෙන ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 53 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර එම පිරිස ද මේ වන විට ඇප මත මුදාහැර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා සුළිකුණාටුවෙන් පොඩි ගැස්සීමක් වුණා..බඩු මිල වැඩි වෙනවා..ඒක වළක්වගන්න බැහැ
03:27
Video thumbnail
නිරෝෂන් - විමල්ට හොඳම එකෙන් දෙසයි..සජිත් කියන්නේ අටලෝ දහමින්ම කම්පා නොවන නායකයෙක්..
06:13
Video thumbnail
කියන්න දෙයක් නෑ..අසාර්ථක ආණ්ඩුවක්..ඉදිකිරීම් ද්‍රව්‍ය වැඩි කිරීම නිසා ජනතාව දැඩි අසරණවෙයි
01:31
Video thumbnail
නිරෝෂන් ආණ්ඩුවේ කෙරුවාව එකින් එක හෙළිකරයි..මෙයාලට අවු:25ක් හිරේ ඉන්න වෙයි..මේ Gota Two
05:54
Video thumbnail
උද්දච්චකම පැත්තක තියලා රනිල්ගෙන් ගිහින් උපදෙස් ගන්න..අජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
08:21
Video thumbnail
චමින්දගෙන් සැර සත්තමක් - ආණ්ඩුව Fail..යුද්දය පෙන්නලා සාක්කු පුරවගන්නවා මේ කයිතන් ආණ්ඩුව
09:30
Video thumbnail
රත්තරං යැයි පවසා රන් පැහැති ලෝහ කැබැලි දෙකක් විකුණන්න ගිය ඩබල අතේ මාට්ටු
01:16
Video thumbnail
මිනිස්සු ගැවසුණු තැන් පාළුවට ගිහින්..නිවාඩු දිනයක් වන බදාදා දිනයේ හෝමාගම නවතම තත්ත්වය..
01:20
Video thumbnail
දැඩි උණුසුම් කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක්..ළමුන් වාහනවල තනිව තියන්න එපා
02:11
Video thumbnail
LRC නිරීක්ෂණයට ගිය ලාල්කාන්ත නිලධාරින්ට කිව්ව සැර කතාව.."අපි මුන්ට බලය දුන්නා..බනින්නේ ආණ්ඩුවට
03:36