මිදිගම ඉබ්බාවල ප්‍රදේශයේ කුඹුරු යායකදී අනවසර විදුලි රැහැනක පැටලීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඉබ්බාවල පාසල් වත්තේ පදිංචි අවුරුදු 67ක් වන දෙදරු පියෙක්.
ඔහු අදඋදෑසන කුඹුරට ගොස් ඇති අතර යළිත් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඥාතීන් කළ සොයා බැලීමකදී යි ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේ.
එහිදී අනාවරණය වී ඇත්තේ කිසියම් අයෙකු විසින් සතුන් දඩයම් කිරීම සඳහා මාර්ගයේ ඇති විදුලි පද්ධතියෙන් අනවසරයෙන් විදුලිය ලබා ගෙන අටවන ලද විදුලි රැහැනක මෙම පුද්ගලයා පැටලී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
+1