අනතුරු අවම කරන්න 15 වැනි දවසටත් පොලීසියෙන් කාටුන් පෙන්වා තේ බෙදයි

හැටන්, නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වටවල පොලිස් ස්ථානය ඉදිරිපිට, එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රාත්‍රී කාලයේදී සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමේ අරමුණ ඇතිව, මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් සහ මගීන්ට තේ පැන් සංග්‍රහයක් ලබා දීමේ වැඩසටහනක් පසුගිය 15වැනිදා ආරම්භ වුණා.

එමෙන්ම රියදුරන්ගේ විඩාව නිවාගැනීම සඳහා එම ස්ථානයේ පුළුල් තිරයක් යොදා ගනිමින් කාර්ටූන් චිත්‍රපට නැරඹීමටද අවස්ථාව සලසා දී තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන ඊයේ (29) දින පැවැත්වුණේ අඛණ්ඩව 15 වැනි දිනටයි.

දහවල් කාලයේ නිසි විවේකයක් නොගෙන රාත්‍රියේ රිය පැදවීම නිසා රිය අනතුරු රැසකට හේතු වන බව පෙන්වා දෙන පොලීසිය පවසන්නේ රාත්‍රී කාලයේ රිය ධාවනයේ දී මෙලෙස වරක් හෝ විවේක ලබාගත යුුතු බව සිහිගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවයි.

ඊයේ පැවති මෙම වැඩසටහනට සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි සහ හැටන් කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?