අනතුරු අවම කරන්න 15 වැනි දවසටත් පොලීසියෙන් කාටුන් පෙන්වා තේ බෙදයි

හැටන්, නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වටවල පොලිස් ස්ථානය ඉදිරිපිට, එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රාත්‍රී කාලයේදී සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමේ අරමුණ ඇතිව, මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් සහ මගීන්ට තේ පැන් සංග්‍රහයක් ලබා දීමේ වැඩසටහනක් පසුගිය 15වැනිදා ආරම්භ වුණා.

එමෙන්ම රියදුරන්ගේ විඩාව නිවාගැනීම සඳහා එම ස්ථානයේ පුළුල් තිරයක් යොදා ගනිමින් කාර්ටූන් චිත්‍රපට නැරඹීමටද අවස්ථාව සලසා දී තිබෙනවා.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන ඊයේ (29) දින පැවැත්වුණේ අඛණ්ඩව 15 වැනි දිනටයි.

දහවල් කාලයේ නිසි විවේකයක් නොගෙන රාත්‍රියේ රිය පැදවීම නිසා රිය අනතුරු රැසකට හේතු වන බව පෙන්වා දෙන පොලීසිය පවසන්නේ රාත්‍රී කාලයේ රිය ධාවනයේ දී මෙලෙස වරක් හෝ විවේක ලබාගත යුුතු බව සිහිගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවයි.

ඊයේ පැවති මෙම වැඩසටහනට සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි සහ හැටන් කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32