AFC Banner
Empty Ad
Empty Ad

අනතුරක් සිදු කර පලා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

මාර්ගයේ සිටි පුද්ගලයෙකු යට කර පලා යෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඊයේ (19) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇත්තේ යාපනය – නුවර මාර්ගයේ වවුනියාව, මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේ දී බවයි.

ලොරි රථයක් මාර්ගයේ සිටි පදිකයෙකුගේ වැදී එහි රියදුරු පලා ගොස් ඇති අතර;සැකකරුව රඹෑව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනුණා.

අනතුරට පත් පුද්ගලයා වවුනියාව රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති අතර, ලොරි රථය සහ සැකකාර රියදුරු කිලෝමීටර 40ක් පමණ දුරක් පලා ගොස් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර ලොරි රථ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?