අනතුරක් සිදු කර පලා ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

මාර්ගයේ සිටි පුද්ගලයෙකු යට කර පලා යෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ඊයේ (19) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇත්තේ යාපනය – නුවර මාර්ගයේ වවුනියාව, මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේ දී බවයි.

ලොරි රථයක් මාර්ගයේ සිටි පදිකයෙකුගේ වැදී එහි රියදුරු පලා ගොස් ඇති අතර;සැකකරුව රඹෑව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනුණා.

අනතුරට පත් පුද්ගලයා වවුනියාව රෝහල වෙත ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති අතර, ලොරි රථය සහ සැකකාර රියදුරු කිලෝමීටර 40ක් පමණ දුරක් පලා ගොස් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර ලොරි රථ රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.