spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනතුරක් කළ සැකකරුවෙකු සීසීටීවී කැමරා 16 කින් මාසයකට පසු කොටුවෙයි (ඡායාරූප)

පසුගිය වසරේ දෙසැම්බර් මස 2 වෙනිදා පිලියන්දල, පැලන්වත්ත, පොල් කොටුව ප්‍රදේශයේ දී 58 හැවිරිදි පුද්ගලයෙකු යතුරු පැදියක හප්පා බරපතළ තුවාල සිදුකර පලා ගිය 22 හැවිරිදි සැකකාර තරුණයා සි සි ටි වි කැමරා 16 ක් පරික්ෂා කර මාසයකට පසු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.

සැකකරු පැදවූ යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන තිබෙන අතර අනතුරින් බරපතළ තුවාල ලැබුවේ කොට්ටාව ප්‍රදේශයේ පදිංචි මූල්‍ය සමාගමක සේවයේ නියුතු 58 හැවිරිදි පුද්ගලයෙක්.

බරපතළ තුවාල ලද පුද්ගලයා රාජකාරියේ අවශ්‍යතාවයක් සඳහා යතුරු පැදියෙන් පැමිණ වෙළඳ සැලක් ඉදිරිපිට යතුරු පැදිය නවතා පැලැන්වත්ත, පොල්කොටුව ප්‍රදේශයේ මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙසේ යතුරුපැදියේ ගැටී ඇති අතර යතුරුපැදිය නොනවත්වා ධාවනය කර තිබුනා.

අදාළ අනතුර සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වලදී තුවාල ලද පුද්ගලයා යතුරු පැදියෙන් ගැටෙන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වුවද යතුරු පැදියේ ලියාපදිංචිය අංකය පැහැදිලි නොවීම හේතුවෙන් පොලිසිය දිගින් දිගටම අනතුර පිළිබඳව පරීක්ෂණ සිදුකර සිසිටිවි කැමරා 16 ක් පරික්ෂා කිරීමෙන් අනතුරුව සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේ සේවා ස්ථානයකදී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරනවා.

මහරගම පදිංචි 22 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පිලියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?