අධික වේගයෙන් ගිය යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී තරුණයෙක් මරුට – හතරක් රෝහලේ (වීඩියෝ)

කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් එක අයෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

එකම දිශාවට අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදි දෙකෙක්, ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදිය මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේ දී පිටුපසින් පැමිණි යතුරුපැදිය ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියේ ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ යතුරුපැදි දෙකම මාර්ගයේ පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියේ තිදෙනෙක් ගමකර ඇති අතර, පිටුපසින් පැමිණි යතුරුපැදියේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් ගමන්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මතුගම, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙක්.

මියගිය තරුණයා රැකියාව නිම කොට නිවස බලා යාමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?