අධික වේගයෙන් ගිය යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී තරුණයෙක් මරුට – හතරක් රෝහලේ (වීඩියෝ)

කළුතර, හීනටියන්ගල ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරකින් එක අයෙක් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වුණේ.

කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ ඊයේ (02) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

එකම දිශාවට අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදි දෙකෙක්, ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදිය මෝටර් රථයකට ඉස්සර කිරීමට යාමේ දී පිටුපසින් පැමිණි යතුරුපැදිය ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියේ ගැටී තිබෙනවා.

එම අවස්ථාවේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වූ යතුරුපැදි දෙකම මාර්ගයේ පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඉදිරියෙන් ගමන් ගත් යතුරුපැදියේ තිදෙනෙක් ගමකර ඇති අතර, පිටුපසින් පැමිණි යතුරුපැදියේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් ගමන්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ මතුගම, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙක්.

මියගිය තරුණයා රැකියාව නිම කොට නිවස බලා යාමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14