AFC Banner
AFC Banner
Empty Ad

අධික උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වන ලෙස එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ, අනුව එම ප්‍රදේශවලට මිනිස් සිරුරුට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම තත්ත්වය හේතුවෙන් වැඩ බිම් තුළ සිටින විට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මෙන්ම සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වඩාත් සුදුසු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිළිමත්වන ලෙස ද අදනුම් දෙන අතර, වාහන තුළ කුඩා ළමයින් රඳවා නොයන ලෙසත් දැනුම් දෙනවා.

සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිතා කරන ලෙසත් එළිමහනේ අධික වෙහෙසකාරි කටයුතු සීමාකරන ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?