අධික උණුසුම ගැන අවවාදාත්මක නිවේදනයක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල, රත්නපුර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත් වන ලෙස එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ, අනුව එම ප්‍රදේශවලට මිනිස් සිරුරුට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මෙම තත්ත්වය හේතුවෙන් වැඩ බිම් තුළ සිටින විට ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම මෙන්ම සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම වඩාත් සුදුසු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිළිමත්වන ලෙස ද අදනුම් දෙන අතර, වාහන තුළ කුඩා ළමයින් රඳවා නොයන ලෙසත් දැනුම් දෙනවා.

සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිතා කරන ලෙසත් එළිමහනේ අධික වෙහෙසකාරි කටයුතු සීමාකරන ලෙසත් එම දෙපාර්තමේන්තුව මහජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
00:00
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40
Video thumbnail
මරික්කාර් - වටගල පාර්ලිමේන්තුව දෙවනත් කරයි - "මේ බොරු සභාගත කරන ඇමතියෙක්"
01:59
Video thumbnail
ගහේන් වැටුණු ගෙඩි නිසා ප්‍රපාතයට ගිය ලොරි රථය
02:36
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01