පවතින වියළි කාළගුණික තත්වයත් සමඟ මේ දිනවල දැනෙන අධික උණුසුම ඉදිරි සති කිහිපයේදීත් පැවතිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තත්ත්වය තුළ දෛනික විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බව බැවින් විදුලිය අරපිරිමැස්සෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
මේ දිනවල දිවයිනට බලපා ඇති වියළි කාළගුණයත් සමනහ දිවා කාලයේදී අධික උෂ්ණත්වයක් පවතිනවා.
එම තත්වයන් පාලනය කර ගැනීම සදහා මහජනතාව වැඩිපුර ජලය භාවිත කරන අතර, විදුලි පංකා සහ සමීකරණ පද්ධති වැඩි වශයෙන් භාවිත කිරීම හමුවේ දෛනික විදුලි ඉල්ලුමද ඉහළ ගොස් තිබෙනවා.
පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල
මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ ඉදිරි සති කීපයේත් උණුසුම් කාලගුණයක් පවතින බැවින් උණුසුම දරා ගැනීමට හැකි ආලෝක පරාවර්තනය කරන සුදු ඇඳුම් වැඩි වශයෙන් භාවිත කරන ලෙසයි.




