අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට පෙන්නන්න ගෙන ආ සැකකරු පොලිස් දැලෙන් පැනලා

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙක් හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

මෙලෙස පලාගොස් ඇත්තේ වෙන්නප්පුව, සාම ජනපදයේ පදිංචිකරුවෙක්.

පසුගිය 18 වනදා රාත්‍රී කාලයේ දී වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුමක දී හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 5,100ක් සන්තකයේ තබාගෙන සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (19) හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීම
සදහා උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු විසින් රැගෙන ගොස් ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර සැකකරුගේ අත්විලංගු ඉවත් කර තිබිය දී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පලාගිය සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහුව සොයා වෙන්නප්පුව පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?