අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට පෙන්නන්න ගෙන ආ සැකකරු පොලිස් දැලෙන් පැනලා

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙක් හලාවත අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය අවස්ථාවේ දී පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා.

මෙලෙස පලාගොස් ඇත්තේ වෙන්නප්පුව, සාම ජනපදයේ පදිංචිකරුවෙක්.

පසුගිය 18 වනදා රාත්‍රී කාලයේ දී වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් සිදුකරන ලද මෙහෙයුමක දී හෙරොයින් මත් කුඩු මිලි ග්‍රෑම් 5,100ක් සන්තකයේ තබාගෙන සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු ඊයේ (19) හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීම
සදහා උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකු විසින් රැගෙන ගොස් ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට පෙර සැකකරුගේ අත්විලංගු ඉවත් කර තිබිය දී ඔහු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පලාගිය සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඔහුව සොයා වෙන්නප්පුව පොලීසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15