Empty Ad
AFC Banner
Empty Ad

අධිකරණ විනිසුරුවරියක් යැයි කියා පොලිසිය නොමග යැවූ කතක් සහ රියැදුරෙකු රිමාන්ඩ්

මහේස්ත්‍රාත්වරියක් ලෙස පෙනී සිටි කාන්තාවක් සහ ඇයගේ රියදුරු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පොලිස් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සිදුවීම සිදු ව ඇත්තේ වරකාපොළ නගරයේ දී යි.

රථය පදවාගෙන ආ රියැදුරු පොලිස් මාර්ග බාධකයක දී රථය පොලිස් අණ පරිදි නවත්වා තිබෙනවා.

එම අවස්ථාවේ දී රියදුරුගෙන් පොලිස් නිලධාරියෙකු රියදුරු බලපත්‍රය ඉල්ලා සිටි විට දී, රියදුරු බලපත්‍රය නොමැති බවත්, තමන්ගේ රියෙහි ඉදිරිපස අසුන්ගෙන සිටින්නේ මහේස්ත්‍රාත්වරියක් බවත් දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී පොලිසිය විසින් අධිකරණ මහේස්ත්‍රාත්වරියක් යැයි හැඳින්වූ තැනැත්තියගෙන් නිල රාජකාරී හැඳුනුම්පත ඉල්ලා තිබෙනවා.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ නිල හැඳුනුම්පත රැගෙන නො ආ බවටයි.

පසුව පොලිස් නිලධාරීන් විමසා ඇත්තේ ඇය කිනම් අධිකරණයක සේවය කරන්නේ දැයි යන කාරණය බවත්, පසුව ඇය පවසා ඇත්තේ ඇඹිලිපිටිය අධිකරණයේ විනිසුරුවරියක් ලෙස රාජකාරී කටයුතු සිදු කරන බවයි.

නමුත් එම අවස්ථාවේ දී පොලිස් නිලධාරින්ට සැක සිතී, සුපිරි පන්නයේ මෝටර් රථයට යාමට ඉඩකඩ නොදී, ඇඹිලිපිටිය අධිකරණයෙන් විමසා ඇත්තේ එකී සැකකාර විනිසුරුවරියගේ නම සඳහන් විනිසුරුවරියක් අධිකරණයෙහි සිටිනවා ද යන කාරණයයි.

එහිදී හෙළි ව ඇත්තේ ඇඹිලිපිටිය අධිකරණයෙහි සැකකාරියගේ නමින් විනිසුරුවරියක් සේවය නොකරන බවටයි.

ඉන් අනතුරුව නීතිමය කටයුතු සිදු කරන අධිකරණ විනිසුරුවරයෙකුගේ තනතුරක්, නමක් අවභාවිත කරමින්, පොලිසිය නොමග යැවීමට කටයුතු කිරීමේ චෝදනාව සහ බලපත්‍ර රහිත ව වාහන පැදවීමේ වරද සම්බන්ධයෙන් අදාළ සැකකාර කාන්තාව සහ රියදුරු වරකාපොළ පොලිස් අත් අඩංගුවට පත් වුණා.

මෙම සැකකරුවන් දෙපළ ඊයේ දිනයේ දී මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, එහිදී විනිසුරුවරයා නියෝග කර ඇත්තේ සාපරාධී ක්‍රියා යටතේ මොවුන් ව එළඹෙන 27 වැනිදින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

සැකකරුවන් ගල්කිස්ස ප්‍රදේශයේ ව්‍යාපාරික යුවලක් බවටයි හෙළි ව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
11
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිගාවත්තට ගිහින් සජිත් කතා කරද්දී සජිත්ගේ පිටියට ආපු ප්‍රබලයා
20:00
Video thumbnail
පන්නල බලය අල්ලන්න පුටුවෙන් එන තරුණයාගේ කතාව
29:34
Video thumbnail
බටලන්දේ ඇසින් දුටු සාක්ෂියක් CIDයට එයි
08:18
Video thumbnail
රාජාංගනේ හිමිට වැඩ වරදියි - දැන් එයාගේ නම අනුර සුසන්ත ද සිල්වා
18:13
Video thumbnail
ඇමති නලින්ද හා මාධ්‍යවේදියා ඇවිලෙයි - සුපිරි ජාවාරම නිසා කැබිනෙට්ටුව උණුසුම් වෙයි
02:42
Video thumbnail
පුටුවෙන් ඡන්දේ ඉල්ලනවා කියලා මගේ නම දාලා - මොනවද මේ කැත වැඩ
03:53
Video thumbnail
විමල්ට උත්තර දෙන්න හඳුන් මාධ්‍ය කැඳවයි - ඇමතිට මාධ්‍ය හමුවේ හොඳටම තදවෙයි
17:17
Video thumbnail
මහ ඇමති කරපු දේ එළියට ආපු හැටි - අකුරක් නෑර මෙන්න හැමදේම එක පෙළට
04:29
Video thumbnail
සම්බාධක ගැන කැබිනට් ප්‍රකාශක කට අරියි
03:40
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ඇමති දීපු උත්තරේ
03:06
<p>?</p>