අධිකරණ නියෝග සතේකට මායිම් නොකළ මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කළ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සම සෞඛ්‍ය උපාධිධාරීන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (28) පෙරවරුවේ මෙම විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී සත්‍යග්‍රහයක නිරත වීම හේතුවෙනුයි ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ (27) දින විරෝධතාකරුවන් පිරිසක් මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය අවට මාර්ග අසල පදික වේදිකාව හා මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණයක් හා පා ගමනක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ‍යෙන් කරන ලද ඉල්ලීමට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කිරීමට ද කටයුතු කළා.

ඒ අනුව සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමතුවේ සම කැඳවුම්කරු වන එම්.එන්.එම්. නුස්‍රි, එන්.ඩී.හේවාවිතාරණ, චින්තක ප්‍රසාද් හා මධුෂාන් චන්ද්‍රජිත් යන අය ඇතුළු ඔවුන්ගේ සාමාජිකයින් හා සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත ඊයේ දින පස්වරු 02.30 සිට අද (28) දින පස්වරු 06 තෙක් කාලය තුළ දී මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුල්වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදිය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය පදික වේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මෙම නියෝග කඩකරමින් කටයුතු කිරීමට එරෙහිව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?