අධිකරණ නියෝග සතේකට මායිම් නොකළ මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කළ අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු සම සෞඛ්‍ය උපාධිධාරීන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (28) පෙරවරුවේ මෙම විරෝධතාකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී සත්‍යග්‍රහයක නිරත වීම හේතුවෙනුයි ඔවුන් ව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ (27) දින විරෝධතාකරුවන් පිරිසක් මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය අවට මාර්ග අසල පදික වේදිකාව හා මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණයක් හා පා ගමනක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ‍යෙන් කරන ලද ඉල්ලීමට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කිරීමට ද කටයුතු කළා.

ඒ අනුව සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමතුවේ සම කැඳවුම්කරු වන එම්.එන්.එම්. නුස්‍රි, එන්.ඩී.හේවාවිතාරණ, චින්තක ප්‍රසාද් හා මධුෂාන් චන්ද්‍රජිත් යන අය ඇතුළු ඔවුන්ගේ සාමාජිකයින් හා සහභාගී වන වෙනත් තැනැත්තන් වෙත ඊයේ දින පස්වරු 02.30 සිට අද (28) දින පස්වරු 06 තෙක් කාලය තුළ දී මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුල්වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදිය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය පදික වේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මෙම නියෝග කඩකරමින් කටයුතු කිරීමට එරෙහිව සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21