අධිකරණ කටයුතු ප්‍රමාදය සහ ඊට සම්බන්ධ කරුණු ගැන කල් තැබීමේ විවාදය ජූලි 5

පාර්ලිමේන්තුව ලබන 5 වැනි බදාදා සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසනවා.

ඊයේ (30) කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මේ පිළිබදව අවසන් වශයෙන් තීරණය වූ අතර ඒ අනුව 4 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන බවයි මහලේකම්වරිය ප්‍රකාශ කළේ.

ජූලි 5 වැනි බදාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 9.30 – 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර තිබෙනවා.

පෙරවරු 10.30ට පමණ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 8ක් විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ විවාදය පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

ජූලි 6 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළව කල් තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.

ජූලි 7 වැනි සිකුරාදා පෙරවරු 9.30 සිට 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි වෙන්කර ඇත්තේ.

ඉන්පසු පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ උදර්පණ පනත යටතේ නියමයක් විවාදයට ගන්නා බව ද මහලේකම්වරිය සඳහන් කළා.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?