අධිකරණ කටයුතු ප්‍රමාදය සහ ඊට සම්බන්ධ කරුණු ගැන කල් තැබීමේ විවාදය ජූලි 5

පාර්ලිමේන්තුව ලබන 5 වැනි බදාදා සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පවසනවා.

ඊයේ (30) කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි මේ පිළිබදව අවසන් වශයෙන් තීරණය වූ අතර ඒ අනුව 4 වැනි අඟහරුවාදා පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන බවයි මහලේකම්වරිය ප්‍රකාශ කළේ.

ජූලි 5 වැනි බදාදා පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙරවරු 9.30 – 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන්කර තිබෙනවා.

පෙරවරු 10.30ට පමණ විවිධ ව්‍යවස්ථාපිත ආයතනයන්හි වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 8ක් විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිතයි.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව “උසාවිවල අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු” පිළිබඳ විවාදය පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

ජූලි 6 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 සිට පස්වරු 5.00 දක්වා දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමට අදාළව කල් තබන ලද විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.

ජූලි 7 වැනි සිකුරාදා පෙරවරු 9.30 සිට 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි වෙන්කර ඇත්තේ.

ඉන්පසු පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා ගුවන් ප්‍රවාහන (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ උදර්පණ පනත යටතේ නියමයක් විවාදයට ගන්නා බව ද මහලේකම්වරිය සඳහන් කළා.

අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40