Empty Ad
AFC Banner
AFC Banner

අධිකරණ ඇමතිගෙන් නව පනත් කෙටුම්පත් 03ක්

පසුගිය පාලන කාලසීමාවල දී අයථා ලෙස උපයාගත් දේපොළ හා වත්කම් යළි රජය වෙත පවරා ගැනීම සඳහා පවතින නීති යාවත්කාලීන කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

අද (04) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ දෙවැනි දිනයේ විවාදයට එක්වෙමිනුයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කැබිනට් අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

ඊට සමගාමී ව සොරකම් කරන ලද වත්කම් නැවත අයකර ගැනීමට නුදුරු කාර්තුවේ දී ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පත් 03ක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

සොරාගත් වත්කම් අයකර ගැනීම, මූල්‍ය අපරාධ වැළැක්වීම, ණයහිමියන් සහ ණය ගැතියන් ආරක්ෂා කිරීම පෙරදැරි කරගනිමින් අදාළ නව පනත් කෙටුම්පත් ඉදිරිපත් වනු ඇති.

අපරාධ පිළිබඳ පනත් කෙටුම්පත, මුදාගැනීමේ, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් සංශෝධන ඉදිරි කාර්තුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?