එක්සත් ජනපද නව තීරුබදු ක්‍රමය පිළිබඳ ව රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනපතිගෙන් කමිටුවක්

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරුබදු හේතුවෙන් පැන නැගිය හැකි ගැටලු පිළිබඳ ව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව , ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරු ද මෙම කමිටුව සඳහා පත් කරනු ලැබ ඇති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු ම භාණ්ඩ සඳහා සියයට 44ක තීරුබදු පැනවීමට තීරණය කළා.

ඒ අනුව ට්‍රම්ප් පරිපාලනය විසින් රටවල් 25කට මෙලෙස තීරුබදු පැනවීමටයි තීරණය කර ඇත්තේ.

නව තීරුබදු නීතිය අනිද්දා (05) සිට ක්‍රියාත්මක වනු ඇති.

මීට අමතරව වියට්නාමයට සියයට 46ක්, චීනය සියයට 34ක්, ඉන්දියාව සියයට 26ක් ලෙස තීරුබදු පනවා තිබෙනවා.

අමෙරිකාව විසින් යුරෝපා සංගමයට පනවා ඇති තීරුබදු ප්‍රතිශතය සියයට 20ක්.

තායිවානය 20%ක්, ජපානය 24%ක්, දකුණු කොරියාව 25%ක්, තායිලන්තය 36%ක්, ස්විට්සර්ලන්තය 36%ක්, බංග්ලාදේශය 37%ක්, පාකිස්තානය 29%ක් සහ පිලිපීනය 17%ක් ලෙස අමෙරිකානු නව තීරුබදු ලැයිස්තුවට ඇතුළත් වනු ඇති.

එමෙන්ම බ්‍රිතාන්‍යය, චිලී රාජ්‍යය, ඔස්ට්‍රෙලියාව, බ්‍රසීලය, තුර්කිය, සිංගප්පූරුව සහ කොලොම්බියාවට සියයට 10ක තීරුබද්දක් පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

2024 වර්ෂයේ දී අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් ඩොලර් බිලියන 03කට වඩා ආනයනය කර ඇති පසුබිමකයි මෙලෙස නව තීරුබදුකරණයක් පැනවී ඇත්තේ.

කෙසේවෙතත් ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ මෙම තීරුබදු සියයට 44ක ප්‍රමාණය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපානු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46