අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථම වරට රැස්වෙයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාවේ පළමු රැස්වීම එම අනු කාරක සභාවේ සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

මෙහිදී ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීමට අදාළව මෙම අනු කාරක සභාව විසින් ගතයුතු ක්‍රියාමාර්ග සහ අනු කාරක සභාවේ අරමුණ පිළිබඳව අනු කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදහස් ඉදිරිපත් කළා.

ඒ අනුව, රටේ අධ්‍යාපනය ක්ෂේත්‍රයේ ගැටළු විසඳීමට සහ අධ්‍යාපන වෘත්තීයමයභාවය ඉහල නැංවීම අරමුණු කරගත් අධ්‍යාපන සභාව පිහිටුවීම
සම්බන්ධයෙන් මෙම අනු කාරක සභාව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසුවා.

ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ ගුරු උපදේශක සේවය යන අංශ පහ තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම මෙහි මූලික අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා ගැනීම සඳහා නිර්දේශ ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කමිටුවක් මේ වන විට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වූවා.

ඒ අනුව, අදාළ කමිටුව සහ පාර්ලිමේන්තුවේ මෙම අනු කාරක සභාව එක්ව රැස්වී මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා යෝජනා කළා.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, (ආචාර්ය) වී. එස්. රාධක්‍රිෂ්ණන්, මංජුල සුරවීර ආරච්චි, රුවන් මාපලගම සහ ආර්. එම්. සමන්ත රණසිංහ යන මහත්වරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?