අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකාරක සභාව ප්‍රථම වරට රැස්වෙයි

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත්කරන ලද ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීම පිළිබඳ අනු කාරක සභාවේ පළමු රැස්වීම එම අනු කාරක සභාවේ සභාපති කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

මෙහිදී ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීමට අදාළව මෙම අනු කාරක සභාව විසින් ගතයුතු ක්‍රියාමාර්ග සහ අනු කාරක සභාවේ අරමුණ පිළිබඳව අනු කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා අදහස් ඉදිරිපත් කළා.

ඒ අනුව, රටේ අධ්‍යාපනය ක්ෂේත්‍රයේ ගැටළු විසඳීමට සහ අධ්‍යාපන වෘත්තීයමයභාවය ඉහල නැංවීම අරමුණු කරගත් අධ්‍යාපන සභාව පිහිටුවීම
සම්බන්ධයෙන් මෙම අනු කාරක සභාව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවසුවා.

ගුරු සේවය, විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවය, ගුරු අධ්‍යාපනඥ සේවය සහ ගුරු උපදේශක සේවය යන අංශ පහ තුළ පවතින ගැටලු නිරාකරණය කිරීම මෙහි මූලික අරමුණ බව ද හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අතර ‘අධ්‍යාපන සභාව’ පිහිටුවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබා ගැනීම සඳහා නිර්දේශ ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කමිටුවක් මේ වන විට පත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීහු මෙහිදී කාරක සභාවට දැන්වූවා.

ඒ අනුව, අදාළ කමිටුව සහ පාර්ලිමේන්තුවේ මෙම අනු කාරක සභාව එක්ව රැස්වී මූලික කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට කාරක සභාවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා යෝජනා කළා.

මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ්, (ආචාර්ය) වී. එස්. රාධක්‍රිෂ්ණන්, මංජුල සුරවීර ආරච්චි, රුවන් මාපලගම සහ ආර්. එම්. සමන්ත රණසිංහ යන මහත්වරුන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාට බාධා කිරීම නිසා නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..අපි මේක දාලා යන්නම්
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06
Video thumbnail
චාමර යකා නටයි"කාදිනල් හිමි මට නඩු දානවා කිව්වා..කමක් නෑ මට දැම්මට"
01:30
Video thumbnail
චාමරගෙන්, පූජිත් සහ හේමසිරි ගැන ප්‍රබල හෙළිදරව්වක් - ජනපති අත්සන් කරලා එ#ලන්න කියන්න
03:45
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13