අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කළ ටී. ජෝන් ක්වින්ටන්ස් මහතා පෙබරවාරි මස 01 වැනි දින සිට විශ්‍රාම ලබා තිබෙනවා.
ඒ අනුව, එම තනතුර සඳහා දැනට අතිරේක අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනි ඩී.ඒ.සුභාෂිණී දෙමටගොඩ මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1