AFC Banner
Empty Ad
Empty Ad

අධ්‍යාපන චාරිකාවක් අතර තුර ගුරුවරියක් හදිසියේම මිය ගිහින්

කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක ගුරුවරියක් මහනුවර ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් අතර තුර හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පසලේ උසස් පෙළ සිසුවියන් කණ්ඩායමක් සමඟ මෙම අධ්‍යාපන චාරිකාව පැමිණ ඇති ගුරුවරිය හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගුරුවරිය ඇතුළු සිසුවියන් පිරිස අද (07) මහනුවරට පැමිණ මහනුවර නගරය හා ඒ ආශ්‍රිත විශේෂිත ස්ථාන නරඹා තිබෙනවා.

අනතුරුව ඔවුන් දළදා මාලිගාව නැරඹීමට ගොස් ඇති අතර, දළදා මාළිගාව නැරඹීමෙන් අනතුරුව එම ගුරුවරිය හදිසියේම රෝගී තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඇය වහාම මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළත් ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මංගලිකා ජයවීර නැමැති 55 හැවිරිදි ගුරුවරියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
3
+1
57
+1
7
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?