අධ්‍යාපන චාරිකාවක් අතර තුර ගුරුවරියක් හදිසියේම මිය ගිහින්

කොළඹ ජනප්‍රිය බාලිකා පාසලක ගුරුවරියක් මහනුවර ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක් අතර තුර හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පසලේ උසස් පෙළ සිසුවියන් කණ්ඩායමක් සමඟ මෙම අධ්‍යාපන චාරිකාව පැමිණ ඇති ගුරුවරිය හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම ගුරුවරිය ඇතුළු සිසුවියන් පිරිස අද (07) මහනුවරට පැමිණ මහනුවර නගරය හා ඒ ආශ්‍රිත විශේෂිත ස්ථාන නරඹා තිබෙනවා.

අනතුරුව ඔවුන් දළදා මාලිගාව නැරඹීමට ගොස් ඇති අතර, දළදා මාළිගාව නැරඹීමෙන් අනතුරුව එම ගුරුවරිය හදිසියේම රෝගී තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඇය වහාම මහනුවර ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළත් ඇය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මංගලිකා ජයවීර නැමැති 55 හැවිරිදි ගුරුවරියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෝනා Pregnant..එක්කන් යද්දි කඩාගෙන වැටුණේ - නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:42
Video thumbnail
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් ලක්ෂ පනහක් ලබා ගැනීමේ වැඩසටහන
00:40
Video thumbnail
නිර්මාණ ශිල්පීන්ට අයිතිය තියෙනවා මුදල තීරණය කරන්න - ලක්ෂ 5ක් කිව්වත් දෙන්න ඕනි
16:53
Video thumbnail
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගේ මූලිකත්වයෙන් පැවැත්වූ 67වන බණ්ඩාරනායක ගුණ සැමරුම
03:15
Video thumbnail
රටේ ගොඩක් පන්සල් අද ආර්ථික මධ්‍යස්ථාන..ධනය හූරගෙන කනවා - පන්සල්වල තරම් බිස්නස් වෙන්නේ නෑ කොහෙවත්
06:39
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43